අනුරාධපුර රෝහල අසළ නොමනා අන්දමින්
හැසිරුණු රූමත් කාන්තාවන් දෙදෙනෙකුට සිදු වූ දේ
අනුරාධපුර ශික්ෂණ රෝහල් වටරවුම ආසන්නයේ අවකල් ක්රියාවේ නිරතවෙමින් ආයාලයේ යමින් සිටි මැදිවියේ පසුවන රූමත් කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මැදිවයසේ පසුවන රූමත් කාන්තාවන් දෙදෙනෙකු ප්රසිද්ධ ස්ථානයක් වන අනුරාධපුර ශික්ෂන රෝහල් වටරවුම ආසන්නයේ ගැවසෙමින් එහි ගැවසෙන්නන්ට හිරිහැර සිදුවන ආකාරයෙන් අවකල් ක්රියාවේ නිරතවීමට උත්සහ කරන බවට දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් නිලධාරින් පිරිස වටරවුම ආසන්නයට ගොස් ඔවුන් හැසිරෙන ආකාරය නිරික්ෂණය කල අවස්ථාවේ දෙදෙනා මහජනතාවට පිළිකුලක් දනවන ආකාරයේ උසුළු විසුළු කරමින් අවකල් ක්රියාවේ නිරතවීම සදහා තවත් පුද්ගලයන් පොලබවා ගැනීමට උත්සහ කල අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිඛෙනවා.
අත්අඩංගුවටගත් සැකකාරියන් දෙදෙනා ආයාලයේ යමින් අවකල් ක්රියාවේ නිරතවන දෙදෙනෙකු බව පවසන පොලිසිය ඔවුන් පිටස්තර ප්රදේශවල සිට අනුරාධපුරයට පැමිණ අවකල් ක්රියාවේ නිරතවෙමින් මුදල් උපයන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවටගත් සැකකාරියන් දදෛනා පාදඩ අඥාපනතට අනුව අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කල අවස්ථාවේ වරද පිලිගෙන තිබූ අතර සැකකාරියන් දෙදෙනාට රුපියල් 500 බැගින් රුපියල් දහසක දඩයක් නියමකර මුදාහැර තිබුණා.
සැකකාරියන් වයස අවුරුදු 40-48 අතරේ පසුවන සේවාගම පොළොන්නරුව හා මාලිගාතැන්න වේයන්ගොඩ යන ප්රදේශවල පදිංචිකරුවන්.
මහේෂ් විෙජ්සුරිය