Loading...

Jaffna Medical Student Murder Case, hirugossip, hiru gossip, gossiplanka, gossip hiru, gossiplankanews, gossip lanka news, hiru gossip lanka news, lanka hot news, hiru gossip net

යාපනයේදී වෛද්‍ය සිසුවිය බෙල්ල කපා ඝාතනය කරපු හැටි

සැකකරු ප්‍රදේශවාසීන් විසින් කොටු කර ගත් හැටි..
සැකකරු ගැන හෙළිදරව් වූ තොරතුරු මෙන්න..
යාපනය පොලිසියෙන් පුළුල් පරීක්ෂණ...
යාපනය පන්නෙයි කොටුව අසලදී (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කොට පලා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.

යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ
ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා නැමති 29 හැවිරිදි සිසුවියක් මෙසේ ඝාතනයට ලක් වී ඇත.

අදාල සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සැකකරු අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට අසල මුහුදු රැල්ල මතට දමා පලා යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා සැකකරු පොලීසියට භාර දුන් බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා සිටියහ.

අදාල ඝාතනය වෛද්‍ය සිසුවියගේ හා සැකකරු අතර වූ ප්‍රේම සම්බන්ධතාවය ආරවුලක් දක්වා දුර දිග යාමෙන් සිදුවී ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කර සිටියි.

මේ අතර ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදුන් සැකකරු යුද හමුදා සෙබලෙකු බවටත් ඔහු පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බවටද පොලීසියට අනාවරනය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසිය වෙතට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර අදාල ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.


Loading...

Image Crunch

Stats