Loading...

Hiru Gossip Lanka News - 'World's largest child sacrifice site' discovered in Peru where 227

බිලි පූජාවක් සඳහා ඝාතනය කළ 
දරුවන් 227 කගේ සිරුරු හමුවෙයි

දරුවන් යොදාගෙන සිදුකරන ලද ලොව මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම බිලිපූජාව පේරු පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති බව
විදේස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

බිලිපූජාව සඳහා ඝාතනය කරනු ලැබූ අවුරුදු 5 ත් 14 ත් වයසේ දරුවන් 227 දෙනකුගේ සිරුරු එකම ස්ථානයකින් හමුවී ඇතැයි වැඩිදුරටත් සදහන් වෙයි.

මෙම සිරුරු හමුවී ඇත්තේ පේරු රාජ්‍යයේ අගනුවර වන ලීමා නගරයට උතුරින් වෙරළබඩ පිහිටි හුවැන්චාකෝහිදීයි.

මෙම සමූහ මිනී වල අවුරුදු 500ක් පමණ පැරණි බව සඳහන් වෙන අතර පුරාවිද්‍යාඥයින් පවසන්නේ සමහර සිරුරුවල හිසකෙස් සහ සම ඉතිරිවී තිබෙන බවත් සදහන් කරයි.

මීට පෙර පේරු රාජ්‍යයේ පුරාවිද්‍යා කැණීම් භූමි දෙකකින් බිලිපූජා සඳහා යොදාගනු ලැබූ දරුවන් 200 කගේ සිරුරු සොයාගනු ලැබුවා.

Loading...

Image Crunch

Stats